ඇඟිලි තුඩින් දළදා පොළොවේ...

රජවරුන්ට ඔටුනු හැදුණු රන් ආවුද මණ්ඩපය
පෙර
පසු

සෙංකඩගල අවසන් රාජධානිය තුළ අදටත් ඇස ගැටෙන රාජකීය ගොඩනැගිලි පවතියි. මේ රාජකීය ගොඩනැගිලි අතර වෙසැසි ගොඩනැගිල්ලක් ඇත. එය පළමු වන විමලධර්මසූරිය මහ රජතුමා විසින් වර්ෂ 1592 දී ඉදි කළ රන් ආවුද මණ්ඩපයයි. මෙම සෙවණත උඩරට රාජධානියේ රජවරු 8 දෙනකු උදෙසා රන් ආවුද නිමහම් කළ බව සඳහන් වේ.

රන් ආවුද මණ්ඩපය උතුම් දළදා හාමුදුරුවන් වැඩ සිටින මාලිගයත්, ඓතිහාසික රජ මාලිගයත්, උඩවත්ත කැලයත් මැදිව පිහිටි භූමියක ගොඩනගා ඇත. මහනුවර රාජධානි සමයේ රජුගේ රාජකීය ඔටුන්න ඇතුළු රන් ආභරණ සැකසුව මේ පරිශ්‍රය ඉංග්‍රීසි පාලන යුගයේ දී කාර්යාල සංකීර්ණයක් ලෙස ද පසුව උසාවි සංකීර්ණයක් ලෙස ද භාවිතයට ගනු ලැබීය.

1998 ජනවාරි 26 සිදු වූ කොටි ප්‍රහාරයට ගොදුරුව ශ්‍රි දළදා මාලිගය සේම අවශේෂ ගොඩනැගිලි ද විනාශයට පත් විය. රන් ආවුද මණ්ඩපයට ද එයින් දැඩි හානි පැමිණුණි. අනතුරුව කිසිදු සරණක් නැතුව ගරාවැටී පැවති රන් ආවුද මණ්ඩපය නිලංග දෑල දියවඩන නිලමේ වර්ෂ 2008 දී රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රි දළදා මාලිගයට පවරාලීය.

මේ ඓතිහාසික ගොඩනැඟිල්ලේ පුරා විද්‍යාත්මක අගය එලෙසින් ම සුරක්ෂා කර ගනිමින් පැරණි ගෘහ නිර්මාණ ශිල්පීය ක‍්‍රමයට ප්‍රතිසංස්කරණ කටයුතු පටන් ගැනිණි. එම ගොඩනැගීම් වර්ෂ 2011 දී පළමු අදියර ලෙස ද වර්ෂ 2024 දී දෙවන අදියර ලෙස ද සමාප්ත විය.

එලෙස ප්‍රතිසංස්කරණය කළ පරිශ්‍රයෙහි ශ්‍රි දළදා මාලිගා මාධ්‍ය, විශේෂ ව්‍යාපෘති හා සංවර්ධන කාර්යාංශය ස්ථාපිත කර ඇත. නිලංග දෑල දියවඩන නිලමේ නෂ්ටාවශේෂ වීමට පැවති රන් ආවුද මණ්ඩපය යළි ජාතියට උරුම කර දීමට ගත් මෙම උත්සාහය අශුද්ධකම් අමතක කර ඇගයීමට ලක් කළ යුතුය.

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll to Top