හීන දිගේ ඇවිද එන්න...
ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්රණ ශාලාව


ශ්‍රි දළදා මාලිගයට පත් වන නිලංග දෑල නව දියවඩන නිලමේගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළ ම අවධානය පල්ලේකැලේ දළදා මාලිගයට අයත් අක්කර 23ක් වූ භූමිය තුළ ගොඩනැගීම් අත්හැර පැවති යෝජිත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ සම්මත්‍රණ ශාලාව සීමිත කාලයක් තුළ ගොඩනගා නිම කරලීමට යොමු විය. ඒ වර්ෂ 2006 දී යෙදෙන 2550 වැනි සම්බුද්ධත්ව ජයන්ති සැමරුමට සමගාමී ව ජාත්‍යන්තර බොදු සමුළුවක් පැවැත්වීමේ අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම පිණිසයි.
දියවඩන නිලමේ පදවියට පත් වූ සැණින් මෙවැනි භාරදූර කටයුත්තක් නිමා කිරීමට නවකයෙකු පැමිණීම විස්මය උපදවන්නකි. ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට මාස ගණනක් තුළ එකී භූමියෙහි සම්මන්ත්‍රණ ශාලාවක් ගොඩනැගීම දුෂ්කර අභියෝගයකි. ඒ වසර ගණනාවක් නිසි සැලසුමකින් තොරව පාදම පමණක් ස්ථාපිත කළ සැකිල්ලක් සහිත ව ගොඩනැගීම් අතහැර දමා ඇති යථාර්ථයකය.
ගැටලූ සහ බාධක මොනතරම් පැමිණියද සැලසුම් කළ පරිදි ගොඩනැගීම් නිමා කර ගත හැකි විය. ඒ වන විට රටේ පැවති සියලූ ම නවීනතා සහිතව නිමවා වායු සමනය ද කළ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන සම්මන්ත්‍රණ ශාලාව දිගු කලක් දුටු සිහින සැබෑ වීමකි. මෙම සම්මන්ත්‍රණ ශාලාව වර්ෂ 2015 දක්වා ම මහනුවර පැවති අද්විතීයම සම්මන්ත්‍රණ ශාලාව විය.
මෙකී බෞද්ධ සම්මන්ත්රණ ශාලාව තුළ මේ වන විට දේශීය සහ විදේශීය සහභාගීත්ව සහිත භාවනා සැසිවාර, අධ්‍යාපනික විෂය සම්මන්ත්‍රණ, බෞද්ධ සාකච්ඡා හා ප්‍රාසංගික උත්සව පැවැත්වේ.