පෙරහරට ඇස් ගේන පෙළහර...
ඇසළ පෙරහර සජීවී ඇසිදිසි ටෙලිවිෂන්කරණය

කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය සිරිලක උත්කර්ෂවත්ම ආගමික හා සංස්කෘතික මංගල්ලයයි. ජාති ආගම් භේදයකින් තොරව ලෝකවාසීන් එකට එක්ව නරඹන සහ බැතිරබර වන ලොව එකම සංස්කෘතික මංගල්ලය කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලයයි.
ලොව මෙතෙක් පවත්වා ඇති සංස්කෘතික මංගල්ල අතරින් ලිඛිත සාක්ෂි සහිතව අඛණ්ඩ ඉතිහාසයකට උරුමකම් පාන සංස්කෘතික මංගල්ලය ලෙස උතුම් ශ්‍රි දළදා වහන්සේ උදෙසා පවත්වන පෙරහර මංගල්ලය පිළිගැනෙයි. වාර්ෂිකව මිලියන ගණනක බැතිමත් නෙත් සිත් පිනවාලන මේ මහා සංස්කෘතික පෙරහර දෙස් විදෙස් ජනයාගේ අප්‍රමාණ ගෞරවය ලැබුවද, ලෝක වාසී බහුතරයකට සියැසින් දැක බලා ගැනීමේ හැකියාව නැත. එයට පිළියම පෙරහර සජීව ශ්‍රව්‍ය – දෘශ්‍ය රූප රචනයකට ගැනීමය.
2007 වර්ෂයේ දී චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලොව පුරා රටවල් 63කට සජීවී ව ඇසළ පෙරහර විකාශනයට ශ්‍රි දළදා මාලිගය ගනු ලැබූ පියවර විප්ලවීය හැරවුම් ලක්ෂයකි. එමගින් ඇසළ පෙරහර මංගල්ලය ලොව පුරා ප්‍රචලිත වීම ද ලාංකේය සිංහල සංස්කෘතිය ජාත්‍යන්තර අවධානයට ලක්වීම ද එක ලෙස සිදු විය. එය දේශීය සංචාරක කර්මාන්තයට නැවුම් පිබිදීමක් ද ගෙනාවේය.
සැබෑව එසේ නමුත් මෙරට රූපවාහිනී මාධ්‍ය තුළ පවතින තරගය හා වෙළඳ ප්‍රචාරණ හමුවේ මේ මහා පෙරහරේ සංස්කෘතික අගයට හානිදායක බලපෑම් එල්ල විය. ඒ පෙරහර ශිල්පීන්ට විවිධ ස්ථානවල රඳවා ඇති රූපවාහිනී නාලිකා කැමරා ඉදිරියේ හරඹ පෑමට සිදු වීම තුළ පෙරහර නිමාවට පැය 5½ පමණ කාලයක් ගතවීම, එමගින් ශිල්පීන් අධික ලෙස වෙහෙසට පත් ව සිටීම, රූපවාහිනී ආලෝක පද්ධතිවල ප්‍රබල ආලෝක රශ්මි හේතුවෙන් ‘පෙරහරේ රාත්‍රී පරිසරය’ බිඳී යෑම සහ චිරාගත පන්දම් එළිවල ආලෝකය මැකී යෑම, විකාශන විස්තර කථන තුළ පුරසාරම් පැවසීම සහ විකෘති අදහස් පළ කිරීම යනාදි ප්‍රධාන කරුණු කාරණා පැහැදිලිව දකින්නට ලැබීමෙනි. මේ සඳහා විසඳුම් සෙවීමට නිලංග දෑල දියවඩන නිලමේ උත්සාහයක යෙදිණි. එහි ප්‍රතිඵලයක් ලෙස 2012 වසරේ සිට ඇසළ පෙරහර සජීවකරණය ශ්‍රි දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශයට භාර විය. එතෙක් පටන් පෙරහර සියලූ නිෂ්පාදන කාර්යයන් මාධ්‍ය කාර්යාංශය මගින් සිදු කර දේශීය නාලිකා හා විදේශීය නාලිකා සමඟ සමගාමී විකාශයක්ව ප්‍රචාරය කිරීමට කටයුතු යෙදීය. එපමණකින් නොනැවතී සියලූ සමාජ මාධ්‍ය තුළ ද පෙරහරේ සජීව විකාශන පටන් ගැනීය.
ඇසළ පෙරහර පැවැත්වෙන දින එකොළහේම පෙරහර මංගල්ලය ආවරණයෙහි විස්තර කථන සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ද අවසන් රන්දෝලී මහා පෙරහරේ විස්තර කථන ප්‍රධාන භාෂා ත්‍රිත්වය හැරුණ විට අවශේෂ ප්රමුඛ විදේශීය භාෂා 7 භාවිතව ද වර්ෂ 2018 සිට විකාශය කිරීමට ශ්‍රි දළදා මාලිගයට හැකියාව ලැබී ඇත. කන්ද උඩරට ඇසළ මංගල්ලයේ ඓතිහාසික අරුතට, අවිධිමත් රූපවාහිනී රචනයන් තුළ සිදු වන විනාශය දුටු සැණින් එය නවතා මේ මහා පෙරහර නිවැරදි පරිදි ජන මනසට ගෙන යන්න නිලංග දෑල දියවඩන නිලමේ ගත් පියවර චිරාගත සම්ප්‍රදායන් මතු පරපුර උදෙසා නිවැරදි ව රැක දීමට නිලමේ තුළ පවතින සැබෑ උනන්දුව පෙන්වාලයි.