ගුරු පාරේ සිට අහස් ගව්වට...
ශ්‍රි ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය


ශ්‍රි ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය (සිබා සරසවිය) නිලංග දෑල දියවඩන නිලමේගේ උදාර සංකල්පයකි. බෞද්ධ උසස් අධ්‍යාපනය ප්‍රමිතියෙන් යුතු ව ශාස්ත‍්‍රාලීන්ට ලබා දීම සහ ස්වදේශික සංස්කෘතික උරුමයන් මතු පරපුරට හැදෑරීමට පහසුකම් සැලසීම වර්ෂ 2009 දී බිහි වන ශ්‍රි ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියෙහි පරාර්ථය වේ. මෙහි ශිෂ්‍ය බඳවා ගැනීම් සිදු කිරීමේ දී ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට පිවිසීමට සුදුසුකම් නොලත් සහ පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරීමට ‘ඇති හැකි’ හැකියාව නොමැති ශාස්ත්‍ර පිපාසිතයෝ පිළිබඳ ව ප්‍රමුඛ අවධානය යොමු කරති.
SIBA හි ගොඩනැගීම් සඳහා නොර්වීජියානු රජය මගින් ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය පරිත්‍යාගයක් ප්‍රාරම්භයේ දී ම සිදු කළේ ය.
බෞද්ධ නායකත්වය බලගැන්වීමේ අදහසින් යුතුව භික්ෂු – භික්ෂුණි, උපාසක – උපාසිකා සිවුවනක් බොදු පිරිස උදෙසා ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් පමණක් මෙහි අධ්‍යයන කටයුතු සිදු වේ. එහි දී ශාස්ත‍්‍රාලීන්ට පාලි සංස්කෘත ප්‍රමුඛ පෙර අපර භාෂා පරිණතකම් ලබා දී ජාත්‍යන්තරව බෞද්ධ ප්‍රචාරණයෙහි යෙදිය හැකි පරිදි සවිබල ගැන්වෙයි. මේ වන විට විදේශ රටවල් 15ක ශාස්ත‍්‍රාලීන් මෙහි අධ්‍යයන කටයුතුවල යෙදෙති.
සිබා සරසවියේ සියලූ උපාධි පාඨමාලා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාද කොමිසම් සභාව පිළිගත් උපාධි පාඨමාලා වේ. සියලූ ඩිප්ලෝමා පාඨමාලා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව පිළිගත් පාඨමාලා වේ. එයට අමතරව සිබා සරසවියට ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයේ සාමාජිකත්වය හිමි වී ඇත. සිබා සරසවියෙහි උපාධි පාඨමාලා සාර්ථක ලෙස නිම කළ සිසුන් ගණන 1061 ක් වන අතර, ඩිප්ලෝමා පාඨමාලා හදාරා ඇති සමස්ත සිසුන් ගණන 7072කි.
ශ්‍රි ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය පිරිනමන උසස් ඩිප්ලෝමාධාරී සහතික පත්‍ර ලාභීන්ට සිය ඩිප්ලෝමාව උපාධියක් දක්වා හැදෑරීමේ පහසුකම සිබා සරසවිය ශාස්ත‍්‍රාලීන්ට උදා කරයි. එමෙන් ම නවීන දේශන ශාලා, පරිගණකාගාර, පුස්තකාල, ශිෂ්‍ය උපදේශන සේවා, නේවාසිකාගාර, ආපණ ශාලා, ක‍්‍රීඩා පහසුකම්, විනෝද මධ්‍යස්ථාන, වෛද්‍ය මධ්‍යස්ථාන, ප්‍රවාහන පහසුකම් හා විශේෂ ආරක්ෂක සේවාවකින් ද යුක්ත ලොව පවතින නවීන විශ්ව විද්‍යාල හා සම තත්ත්වයේ පසුවන නව්‍ය සරසවියකි.
ඕස්ට්‍රේලියානු සදර්න් ක්‍රොස් විශ්ව විද්‍යාලය, ජර්මනියේ හැම්බර්ග් විශ්ව විද්‍යාලය, ඇමෙරිකා එක්සත් ජනපද වර්ජිනියා පොලිටෙක්නික් ඇන්ඞ් ස්ටේට් විශ්ව විද්‍යාලය, තායිලන්ත මහා චුලොන්ග්කොන් ජනපද විශ්ව විද්‍යාලය, තායිලන්ත මහා බෞද්ධ විද්‍යාලය හා තායිලන්ත දුරාකිව් බෞද්ධ පණ්ඩිත විශ්ව විද්‍යාලය යන අන්තර් ජාතික විශ්ව විද්‍යාලයන්හි සාමාජිකත්වය සිබා සරසවියට හිමි වී ඇත. බෞද්ධ දර්ශනය පදනම්ව දැනුම බෙදා හැරීමේ සරසවියක් ලෙස බිහි කළ සිබා සරසවිය අද්‍යතනයේ නව ලොව ජය ගැනීමට ශාස්ත‍්‍රාලීන් පෝෂණය කරන නවීන විශ්ව විද්‍යාලයක් ලෙස විද්‍යාර්ථීන්ගේ පිළිගැනීමට ලක් වේ.