ඉන්න හිතෙන දෙව්ලොව...
විදේශික සංචාරක ආකර්ෂණය

වර්ෂ 2005 අවසන් කාර්තුව දක්වා ම ශ්‍රී දළදා මාලිගා වෙබ් අඩවිය දළදා මාලිගයට හිමි ව නොපැවතුණි. එකල පැවති පාලනය මාලිගා වෙබ් අඩවියේ අයිතිකාරිත්වය මාලිගයට පරිබාහිර පාර්ශ්වයකට පවරා පැවතුණි. ඒ වන විට ද ගෙවා ගෙන පැමිණි දශක තුනක් පුරාවට ම ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රමුඛ ම ආදායම් මූලශ්‍රයව පැවතුණේ විදේශික සංචාරක ප්‍රවේශ පත්‍ර ආදායමයි. එම යථාර්ථය තුළ ශ්‍රී දළදා මාලිගාව ප්‍රමුඛ කර විදේශික සංචාරක ආකර්ෂණ ප්‍රවර්ධන ව්‍යාපෘතියක් අනාගතවාදී යෝජනාවක් කර එය සැලසුම් සහගත ව ක්‍රියාවට නැංවීමට නිලංග දෑල දියවඩන නිලමේ පියවර ගැනීය.
මෙම ව්‍යාපෘතිය සාර්ථකව පවත්වා ගැනීමට සංචාරක නියෝජිත ආයතන සමඟ විධිමත් ව ගොඩනගන ලද සබඳතා ප්‍රයෝජනවත් බව පෙනී ගියේය. එහි දී ජාතික සංචාරක ප්‍රවර්ධනයට ද මාලිගා ප්‍රවර්ධන ව්‍යාපෘතියෙහි අවශේෂ අදියරයක් ලෙස සලකා කටයුතු මෙහෙයවීම පිළිබඳ ව ද නිලංග දෑල දියවඩන නිලමේගේ අවධානය යොමුව පැවතුණි.
ශ්‍රී දළදා මාලිගාව ගෝලීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම පිණිස වර්ෂ 2009 සිට වර්ෂ 2015 දක්වා රටවල් 52 ක් නියෝජනය වන පරිදි ජාත්‍යන්තර මාධ්‍ය නාලිකා 65ක් සහ මාධ්‍යවේදීන් 719 කට වර්ෂ 2016 සිට වර්ෂ 2024 නොවැම්බර් මස 30 දක්වා විදේශීය රටවල් 129 ක් නියෝජනය වන පරිදි ජාත්‍යන්තර මාධ්‍ය නාලිකා 193 ක් සහ විදේශීය මාධ්‍යවේදීන් 1879 ක් ද සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් සහ බ්ලොග් උත්තේජකයන් 1008ක් ද ශ්‍රී දළදා මාලිගාව සංචාරක ලෝක උරුමයක් ලෙස ප්‍රවර්ධනය කිරීම පිණිස අනුග්‍රාහක දායකත්වය ලබා දී ඇත.
ලොව පතළ Lonely Planet සහ Trip Advisory සංචාරක ගමනාන්ත ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී දළදා මාලිගාවට ලබා දී ඇති ප්‍රමුඛතාව ද සැලකිය යුතු විශේෂත්වයකි. එකී ශ්‍රේණිගත කිරීම් තුළ ගෙවුණු වසර 5 කාලසීමාව තුළ ලොව හොඳ ම ගමනාන්ත 10 ට ශ්‍රී දළදා මාලිගාව ඇතුළත්ව පැවතීම මාලිගා පරිපාලනයේ ප්‍රවර්ධන මෙහෙයුමෙහි සාර්ථකත්වය ප්‍රදර්ශනය කරයි. එසේ ම ප්‍රමුඛතම ගෝලීය සංචාරක නියෝජිත ආයතන වන Artisans of Leisure, Intrepid Traval yd Classic Journeys සමාගම් ශ්‍රී දළදා මාලිගා සංචාරක ආකර්ෂණ ප්‍රවර්ධනයට ගෙන දී ඇති දායකත්වය පැසසිය යුතු මට්ටමක පවතී.
ඒ සියල්ල විසි වසරක් නිවැරදි නායකයෙකු යටතේ වූ රාජකාරිකරුවන් සාමූහිකව ගත් දුෂ්කර ප්‍රයාමයක ප්‍රගතියකි. වර්ෂ 2005 දී ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන ආදායම් මූලාශ්‍රය රුපියල් මිලියන 8 -78 ක් වූ විදේශික සංචාරක ප්‍රවේශ පත්‍ර ආදායම වර්ෂ 2024 දී පළමු සය මාසය තුළ රු. මිලියන 308-08 ක දැවැන්ත ආදායමකට පරිවර්ත විය.