හැඟුම් එක්ක කාල තරණ...
ශ්‍රි දළදා උරුමය මතු පරපුරට

ශ්‍රි බුද්ධ වර්ෂ 2550 සම්බුද්ධත්ව ජයන්තිය පෙරටු කොට වර්ෂ 2006 දී බොදු ජනතාවගේ ජීවනාභිවෘද්ධිය උදා කිරීම හා සත්පුරුෂ සමාජයක් බිහි කිරීම පරමාර්ථව ශ්‍රි දළදා මාලිගාව විසින් දළදා උරුමය ප්‍රදර්ශනය වන පරිදි සැලසුම් කළ රථ පෙරහරක් හා සදහම් සංවාද මාලාවක් පවත්වනු ලැබීය.
පළමු වන විමලධර්මසූරිය මහ රජතුමා දළදා හාමුදුරුවෝ කන්ද උඩරට වැඩම කළ පසුව ‘රටවැසි ජනතා මෙහෙවර’ ශ්‍රි දළදා මාලිගාව ප්රමුඛ කොට පටන් ගැනීය. යටගිය ඒ විභූතිය යළි මතුවන පරිදි දළදා හාමුදුරුවෝ යුග යුග වැඩ සිටි ඉපැරණි රාජධානි සංකේතව මේ සදහම් චාරිකා රථ පෙරහර ගමන් ගැනීය. එලෙස සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳ ව බෞද්ධයන් අවදිමත් කරලන්න නිලංග දෑල දියවඩන නිලමේ ගත් උත්සාහය යථාවත් විය.
රථ පෙරහරේ හේමමාලා කුමරියගේ හා දන්ත කුමරුගේ අනුරූ ප්‍රතිමා සහ අනුරාධපුර ධම්මචක්කගෙය, පොළොන්නරුව වටදාගෙය, දඹදෙණිය රජමහා විහාරය, යාපහුව රජමහා විහාරය, කෝට්ටේ රජමහා විහාරය, සීතාවක දෙල්ගමුව රජමහා විහාරය, මහනුවර ශ්‍රි දළදා මාලිගය ප්‍රතිනිර්මාණය කළ ප්‍රදර්ශන රථ 8ක් පෙර පැවසුව රාජධානි තුළ සැරිසැරුවේය. මෙහි දී දළදා හිමි ප්රමුඛ කොට ලක්දිව සිසාරා පැතිර ගිය සාරධර්ම සහ සංස්කෘතික ‘පුනර්ජීවයේ උත්කර්ෂය’ ජනතාවට සමීප ව හඳුනා ගන්න හැකි විණි.
මෙම රථ පෙරහරට සමගාමීව දිළිඳු දරුවන්ට ශිෂ්‍යාධාර ප්‍රදානයන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහභාගීත්වය සහිත ව විහාර සංවර්ධන උපකාර සහ දහම් පාසල් සංවර්ධන සේවා පැවැත්විණි.