වංගු කෙළින් කළ කඳු පාර...

සකසුරුවම් කළ ශේෂ පත‍්‍රය

විධිමත් මූල්‍ය පරිපාලනය කුමනම හෝ නිල සංයුතියක ගෞරවයේ හා අබිමානයේ කැඩපතයි.

ශ්‍රී දළදා මාලිගාවේ මූල්‍ය පරිපාලනය ද පාරදෘශ්‍යව පවත්වා ගෙන යන්න ගෙවී ගිය දශක දෙක තුළ ගත හැකි සියලු පියවර ගනු ලැබීය. සැලසුම්ගත වාර්ෂික මූල්‍ය ඉලක්ක ළඟා කර ගනිමින් සකසුරුවම් ආයෝජනවල පමණක් යෙදෙමින් පරම වගකීමක් ලෙස මාලිගා මූල්‍ය සම්පත් අවභාවිත වීම වළකා ලීමට පියවර ගෙන ඇත. ඒ සඳහා දළදා මාලිගා ගිණුම් අංශය පිළිගත් විගණන ප්‍රතිපත්තියක ගනුදෙනු සිදු කරයි. එය සෑම වර්ෂයකම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ විගණනයට යොමු කරනු ලැබේ.

ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන ආදායම් මූලාශ්‍ර ලෙස විදේශික සංචාරක ප්‍රවේශ පත්‍ර ගාස්තු, පඬුරු සම්මාදම්, දේපොළ බදු මුදල්, ධන පරිත්‍යාග හා බැංකුගත ගිණුම්වල පොලී මුදල් පෙන්විය හැක. ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධානතම ආදායම් මූලාශ්‍රය ලෙස සැලකෙන්නේ විදේශික ප්‍රවේශ පත්‍ර ආදායමයි. මෙය වර්ෂ 2005 පළමු මාස 06 තුළ (ජුනි 30 දක්වා) රුපියල් මිලියන 8.78 ක් හෙවත් රුපියල් ලක්ෂ 87-8 ක් වූ අතර එය වර්ෂ 2024 පළමු මාස 06 තුළ (ජුනි 30 දක්වා) රුපියල් මිලියන 308.08 ක් හෙවත් රුපියල් ලක්ෂ 3080 ක් දක්වා ශීඝ්‍ර වර්ධනයක් උදා කර ගෙන ඇත.

වර්ෂ 1814 සිට ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකාරීත්වය දියවඩන නිලමේවරයකු යටතට පත් කරලනු ලැබීය. එතැන් සිට වර්ෂ 2005 ජුනි 30 දා දක්වා ශ්‍රී දළදා මාලිගාවේ ස්ථාවර තැන්පතු අගය රුපියල් මිලියන 232.7 හෙවත් ආසන්න ලෙස රුපියල් ලක්ෂ 2320කි. වර්ෂ 2005 දී ශ්‍රී දළදා මාලිගයට පත්වන නිලංග දෑල දියවඩන නිලමේ දශක දෙකක් ඇවෑමෙන් අනතුරුව වර්ෂ 2024 ජුනි 30 දාට මාලිගා ස්ථාවර තැන්පතු අගය රුපියල් බිලියන 1.022 ක් හෙවත් රුපියල් ලක්ෂ 10,022 ක් දක්වා වර්ධිත කර පැවතීම අසාමාන්‍ය පෞරුෂයක අසහාය විස්කමකි.

ශ්‍රී දළදා මාලිගා මූල්‍ය පරිපාලන වර්ෂ 2005 මුල් මාස 06 තුළ සම්පූර්ණ ආදායම රු.මිලියන 14.7 ක් වන අතර වර්ෂ 2024 මුල් මාස 06 තුළදී සම්පූර්ණ ආදායම රු.මිලියන 462.7 ක් ලෙස විප්ලවීය පරිවර්තනයකට ලක් කර ඇත.

එසේ ම නිලංග දෑල දියවඩන නිලමේ පිළිබඳ ව ස්වදේශික සහ විදේශික විවිධ පාර්ශ්ව තුළ පවතින ‘විශ්වාසය සහ ප්‍රසාදය’ හේතු කොට රුපියල් බිලියන 4.1 හෙවත් රුපියල් ලක්ෂ 41,000 ක් ආයෝජනය කර සිදු කළ යටිතල පහසුකම් හා ක්‍රියාකාරිත්වය ද මෙහිලා සඳහන් කළ යුතු වේ. ඒ සඳහා ශ්‍රී දළදා මාලිගා තැන්පතු මූල්‍ය සංචිත කිසිවක් හෝ භාවිතයට ගෙන නොමැති බව ද අවධාරණය කළ යුතුය.

ගෙවී ගිය දශක දෙකකට ආසන්න කාලසීමාව සලකා බැලීමේ දී වර්ෂ 2019 අප්‍රේල් එල්ල වූ පාස්කු ප්‍රහාරය, වර්ෂ 2020 – 2021 දෙවසර තුළ පැවති ගෝලීය කෝවිඩ් වසංගතය, වර්ෂ 2022 – 2023 දෙවසර තුළ රටේ පැවති අස්ථාවර දේශපාලන පසුබිම හා බිඳ වැටුණු ආර්ථික අර්බුදය රට විශාල පසුබෑමකට පත් කළ ද එවැනි අභාග්‍ය සම්පන්න යුගයක දී පවා විදේශීය සංචාරකයින් මගින් ලැබූ ප්‍රධානතම ආදායම් ඉලක්කම බිංදුව බවට පත්වූව ද ශ්‍රී දළදා මාලිගා මූල්‍ය පරිපාලනය ස්ථාවර ව පවත්වා ගෙන ගොස් ඇත.මේ සුවිශේෂ ස්ථාවර මූල්‍ය ශේෂය තුළ උගත ගත යුතු පාඩම නම් ගෙවුණු විසි වසරක ආසන්න යුග සීමාව තුළ ශ්‍රී දළදා මාලිගාව අරමුදල මගින් මෙරට ජන සමාජයට සලසන ලද මානව මෙහෙවර සඳහා රුපියල් බිලියන 1.48 ක් හෙවත් ආසන්න ලෙස රුපියල් ලක්ෂ 14,800 ක මුදලක් වැය කර පැවති අවස්ථාවක ද ස්ථාවර ගිණුම් ශේෂය සිතීමට අපහසු ඉහළ අගයක පවත්වා ගැනීමය. සමස්තයක් ලෙස ගෙවී ගිය වසර 20 ක ආසන්න කාලසීමාව ඊට පෙර ආසන්නම කාලසීමාව සමඟ සංසන්දනය කළ විට ශ්‍රී දළදා මාලිගාව මූල්‍ය පරිපාලනයේ දී ලබා ඇති ඉතා ඉහළ ස්ථාවරත්වය අගනා විශිෂ්ටයෙකුගේ පෙළහරක් මිස අන් මොනයම් හෝ ඉලක්කම් විජ්ජාවක් විය නොහැක.

ශ්‍රි දළදා මාලිගාවේ ස්ථාවර තැන්පතු
ශ්‍රි දළදා මාලිගාව මගින් බෞද්ධ ආගමික හා සමාජ සුබසාධන කටයුතු සඳහා ප්‍රදානය කොට ඇති ආධාර මුදල්
වර්ෂ 2005 සිට 2024-11-30 තෙක්

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll to Top