බැඳීම් ලිහෙන අතහැර යෑම්...
ඉඩම් කළමනාකරණය

ශ්‍රි දළදා මාලිගාව සතුව ඉඩම් අක්කර දහස් ගණනක් පවතින බව විවිධ ජන පිරිස් සහ සංවිධානාත්මක පිරිස් පවසති. එහෙත් වර්ෂ 2005 දී නිලංග දෑල දියවඩන නිලමේ මාලිගා පාලනය භාර ගන්නා විට මාලිගාව පාලනය කළ ඉඩම් අක්කර ගණන 10460 කි. මේ ඉඩම් රාජකාරි සහ බණ්ඩාර පංගු ලෙස පවතියි.
ශ්‍රි දළදා මාලිගාව සතු ඉඩම් දේපොළ දුර්වල හා අවිධිමත් ව පවත්වා ගෙන යනාකාරය දුටුව නිලංග දෑල දියවඩන නිලමේ පදවි ප්‍රාප්තියට පත් වර්ෂයේ ම මාලිගය තුළ ඉඩම් අංශයක් පිහිටුවීය. එයට වෘත්තීය පළපුරුද්ද සහිත ප්‍රධාන ඉඩම් නිලධාරියෙකු යටතේ කාර්ය මණ්ඩලයක් යෙදවීය. දළදා මාලිගය සතු සියලූ ඉඩම් පිළිබඳ ව රාජකාරි කිරීම මේ අංශයට පැවරුණි. එහි ප්රතිඵලයව පෙර නොවුණ පරිදි මාලිගා ඉඩම්වලින් අයවිය යුතු බදු මුදල් ක්‍රමානුකූලව මාලිගාවේ ප්‍රධාන ගිණුමට ගිණුම්ගත වීමට පටන් ගැනීය. වාර්ෂික බදු ආදායම එකී ඉඩම්වල වටිනාකමට සාපේක්ෂ ලෙස අයවිය යුතු ආකාරයට සකස් කළ ක්රමානුකූල ක්‍රමවේදයක් ගෙවුණ විසි වසර තුළ ක්‍රියාත්මකව පවතී. නව ක්‍රමෝපා භාවිතව ඉඩම් බදු කරුවන්ට බදු මුදල් බැංකු ක්‍රමවේදයකට ගෙවීම් පහසුකම් සැලසී ඇත.
වර්ෂ 2005 දී ශ්‍රි දළදා මාලිගාවේ සම්පූර්ණ ඉඩම් බදු ඇස්තමේන්තුව රුපියල් 350000.00 ලෙස පැවතුණි. එහි දී ප්‍රථම සයමාසික අවසානයේ දී රුපියල් 175470.00ක ආදායමක් උපයා පැවති අතර වර්ෂ 2005 ජූලි 01 වන දා සිට පදවි ප්‍රාප්ත වන නිලංග දෑල නව දියවඩන නිලමේ දෙවන සයමාසික අවසානයේ දී රුපියල් 574262.00ක ආදායමක් උපයාලීමට සමත් විය. ඒ අනුව වර්ෂ 2005 අවසානයේ දී ශ්‍රි දළදා මාලිගයේ සමස්ත ආදායම රුපියල් 749732.00 දක්වා වූ වර්ධනයක් කරා ගෙන ගොස් පැවතියේය. එතැන් සිට මේ දක්වා සිදු කළ විධිමත් කිරීම් සාධකව මාලිගා බදු ඉඩම් ආදායම රුපියල් මිලියන 67.3 ක ආදායම් වර්ධනයක් පෙන්වති.
නිලංග දෑල දියවඩන නිලමේගේ ධුර කාලසීමාව තුළ ශ්‍රි දළදා මාලිගාව සතු කිසිඳු ඉඩමක් හෝ කොටසක් කිසිදු අයුරකින් හෝ පවතින ක්‍රියා පටිපාටියට පරිබාහිරව කිසිඳු පාර්ශ්වයකට භාවිතයට ලබා දී නොමැති බව අවධාරණය කළ යුතුය. කූට පාර්ශ්ව මාලිගාවේ ඉඩම් දේපොළ ව්‍යාජව හිමි කර ගැනීමට ගත් උත්සාහ සැළ වුණ සැණින් ඒ සඳහා නීත්‍යනුකූල ක්‍රියාමාර්ගවලට පිවිසීමට දළදා මාලිගා පරිපාලනය කටයුතු කර ඇත.
ශ්‍රි දළදා මාලිගයට පූජා කළ ඉඩම් හා දේපොළ මතුවට ද ආරක්ෂා කිරීම සහ එයින් ලබන ආදායමක් වේ නම්, සමාජයේ යහ පැවැත්මට ආයෝජනය කිරීම නිලංග දෑල දියවඩන නිලමේගේ ස්වෝත්සාහික කැපවීමයි.
2005 වර්ෂයේ සිට 2024 වර්ෂයේ නොවැම්බර් මස තෙක් ඉඩම් අංශයේ සමස්ත ආදායම

රු. 67,395,096.68
(හයකෝටි හැත්තෑතුන්ලක්ෂ අනූපන්දාස් අනූහයයි ශත හැටඅටයි.)