හිස ඔටුනු හැළෙන පෙනුම් ගමන්...

රාජතාන්ත්‍රක දළදා බැතිමත්කම

ශ්‍රි දළදා මාලිගාව බෞද්ධයන් සතු පරම පූජනීය භූමියකි. මහජන ජීවන රටාවේ කේන්ද්‍රීය හද බිමකි. මෙරට රජකම යනු දළදා හිමිගේ උරුමය ලැබීමයි. වත්මනෙහි පවා අවිඥනිකව හෝ සවිඥනිකව හෝ ලංකාව පාලනය කරන රාජ්‍ය නායකයෝ උත්තම දළදා හාමුදුරුවන්ගේ ආශීර්වාද ලබා ගැනීම සිරිත සහ පිළිවෙත කර ගනිති. එසේ ම දළදා සංස්කෘතිය හා රාජ්‍ය පරිපාලනය යන දෙඅන්තය අතර පවතින අවිච්ඡින්න ළබැඳියාව දළදා මාලිගාවට රාජ්‍ය අනුග්‍රහය ලැබීමේ දෘශ්‍ය සාධකයයි.

මෙරට සංස්කෘතිය පිළිබඳ යහපත් හැදෑරීමකින් පැමිණෙන විදේශීය රාජ්‍ය නායකයින් ද ශ්‍රි දළදා මාලිගයට පැමිණ යෑම උතුම් කොට සලකයි. ඒ ලෝක උරුම නගරයක පිහිටි දළදා මාලිගාව පිළිබඳ ජගත් ප්‍රජාව තුළ පවතින අපමණ ගෞරවයට සහ එහි ශ්‍රි විභූතිය පිළිබඳ වන ආකර්ෂණයටයි.

බ්‍රිතාන්‍ය චාල්ස් කුමරු, ජපන් රජ කුමරිය, තායිලන්ත රජ කුමරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය තුමා, මියන්මාර ජනාධිපති තුමා, තායිලන්ත අගමැතිතුමිය, ජපාන නියෝජ්‍ය අගමැති තුමා, වියට්නාම ජනාධිපති ආර්යාව මෑත යුගයෙහි දළදා මාලිගාවට පැමිණ දළදා හිමිට නමස්කාර කළ රාජකීය ප්‍රභූවරු වේ.

මේ රාජතාන්ත්‍රිකයෝ හමුවේ නිලංග දෑල දියවඩන නිලමේට නෝර්වේ, ඉන්දියානු, ජපාන හා තායිලන්ත රාජ්‍ය නායකයන් සමඟ දෙරටේ බෞද්ධාගමික උන්නතිය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට හැකි වූහ. එතුළින් දෙරට අතර බෞද්ධ සබඳතා සවිමත් කර ගැනීමට හැකි විය.

ලංකාවේ රාජතාන්ත්‍රික සේවය සඳහා පත් ව පැමිණෙන සෑම මහ කොමසාරිස්වරයෙකු ම ද, තානාපති වරයෙකු ම ද, රාජතාන්ත්‍රික නිල දරුවෙකුම ද, ශ්‍රි දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වන්දනා කිරීම සිය ප්‍රථම රාජකාරිය සේම සිරිත් චාරිත්‍රයක් ලෙස ද පිළිපදියි. එයට ජාති, ආගම් භේද කිසිවක් බල නොපාති. රාජතාන්ත්‍රිකයන්ගේ මේ පෙනුම් ගමන් හමුවේ නිලංග දෑල දියවඩන නිලමේ දළදා මාලිගා වරුණ ලෝකයට ගෙන යන්න අප්‍රතිහත ප්‍රයාමයක යෙදෙමින් සිටියි.

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll to Top