නියං කල වැටෙන දළදා වතුර...
ශිෂ්‍යාධාර පරිත්‍යාග

දරුවන්ට හොඳ ම දේ ලබා දීම යුතුකමයි. එය අවබෝධයට ගත් නිලංග දෑල දියවඩන නිලමේ වර්ෂ 2006 සිට රටේ සිවු දෙස පැතිර සිටින අධ්‍යාපනික අවශ්‍යතා සහිත දක්ෂ දරුවන් සහ සාමණේර හිමිවරු සොයා ශිෂ්‍යාධාර යෝජනා ක්‍රමයක් පටන් ගැනීය. මේ සඳහා ශ්‍රි දළදා මාලිගා අරමුදලෙන් රුපියල් මිලියන 500කට වඩා වැඩි මුදලක් දැනටමත් පරිත්‍යාග කොට තිබේ.
1995 දී මහජන බැංකුවේ ස්ථාපිත කරන ලද බෞද්ධ සුබසාධන අරමුදලින් ලබා දෙන ශිෂ්‍යාධාර සමකාලීන ජීවන දර්ශක සමඟ සැසඳීමේ දී ප්‍රමාණවත් නොමැති බව පැහැදිලි විය. එම ප්‍රායෝගික ස්වභාවය හඳුනා ගෙන ලබා දෙන ශිෂ්‍යාධාරය ඉහළ දැමීමට දියවඩන නිලමේ කටයුතු සම්පාදනය කළේය. වර්ෂ 2024 ඔක්තෝබර් මාසයේ සිට ‘6 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය’ දක්වා අධ්‍යාපනයට දක්ෂ ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන දරුවන්ට ප්‍රතිපාදන ඉහළ දැමුව නව ශිෂ්‍යාධාර ප්රදානය ශ්‍රි දළදා මාලිගාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සමඟ ඍජු ලෙස ක්‍රියාත්මකව සිදු කළේ ය. ඒ අනුව කිසිදු ආගමික හා වෙන් කරලීමේ භේදයකින් තොරව ආර්ථික දුෂ්කරතා සහිත පාසල් දරුවන් 2000 තෝරා ගෙන මාසිකව රුපියල් 1500ක මූල්‍ය ශිෂ්‍යාධාර ප්‍රදානයක් කිරීමට කටයුතු සැලසුම් කර ඇත. මෙම ශිෂ්‍යාධාර ප්රදානය රටේ සියලූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්තුමන්ලා සහ ප්‍රාදේශීය ලේකම්තුමියලාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීම විශේෂ ලක්ෂණයකි. ඒ අනුව ඉදිරි වසර පහ තුළ දී දරුවන් 10000කට ශිෂ්‍යාධාර පිරිනැමීමට අපේක්ෂිතය.
එමගින් ශිෂ්‍යත්ව ලාභී පාසල් දරුවන් විශාල පිරිසක් ජීවිතාලෝකය උදා කර ගනිමින් සිටියි.
මෙකී දූරදර්ශී ප්‍රයාමය රටට සම්බුද්ධික පරම්පරාවක් උපදවීමේ උත්සාහයකි.