අස්පර්ශිත යාමයක ස්පර්ශිත විස්මිතය...
එළිමහන් කෞතුකාගාරය


දළදා භූමියේ විසිරුණ රජ දවස පටන් පැවති නේකාකාර උද්‍යානවල ලාලිත්‍යය පැරණි රාජකීය මිහිරියාව යළි සිතුවිලිවල රූප වී ඇඳෙයි. එකී රාජකීය භූමියේ පෞරාණිකත්වය ආරක්ෂා කිරීම සහ එය වර්තමානයට ගැළපෙන ලෙස පවත්වා ගෙන යෑම මාලිගා පරිපාලනයේ රාජකාරියයි. ඒ පිළිබඳ සවිඥනව සිතමින් ගොඩනගන මාලිගා එළිමහන් කෞතුකාගාරය ජාතික උරුමයට ළෙන්ගතු ජන සමාජයට එක් කළ නවමු ස්පර්ශීය අත්දැකීමකි.
මෙහි ප්‍රදර්ශිත කෞතුක භාණ්ඩ කන්ද උඩරට රාජධානියේ ආරම්භයත් අවසානයත් සිහිපත් කරයි. ගජ ලක්ෂ්මි රූපය, කුලූනු හිස්, ඇත් රූප, පියගැට පෙළ, සඳකඩපහණ, කුවේර රූප, ශෛලමය පූජාසන, කේශර සිංහ කැටයම්, පැන් තාලිය, කොරහ, ගල් කුරාන, ගල් ආසන, ගල් උළුවස්සක උඩ පිලත, ගල් වංගෙඩිය, වැසිකිළි ගල, ඉපැරණි අම්බලම සහ ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත් වූ ජාතික උරුමය ද මෙහි ප්‍රදර්ශනය වේ.
නිලංග දෑල දියවඩන නිලමේගේ සිහින සැබෑවක් වී දළදා මාලිගාවේ ආර්ථික සම්පාදනයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අඛණ්ඩ අධීක්ෂණයෙන් හා විශේෂඥ උපදේශකත්වයෙන් පොහොසත්ව ගොඩනගා මෙම එළිමහන් කෞතුකාගාරය ජනතා පරිහරණයට පත් කළේය. මාලිගා එළිමහන් කෞතුකාගාරය නිදහස් පරිසරයක ගොඩනගා පැවතීම පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ට නිදහසේ කාලය ගෙවීමට ගැළපෙන නිසසල පරිසරයක් සකසාලයි. එය ගමන් විඩාව නිවාලන සැනසීමකි. නව්‍ය චිත්තාවලියකින් යුක්ත දළදා මාලිගාවේ ගිහි නායකත්වය ලෝක ප්රවණතාවන් සහ මවුවර අයිතියක් වන බිලිඳු දරුවන්ට මවුකිරි ලබා දීමේ සදාචාරයට ගෞරවයක් ව ‘මවුකිරි ලබා දෙන සුරක්ෂා ස්ථානයක්’ ද මේ එළිමහන් කෞතුකාගාර පරිශ්‍රයෙහි පිහිටුවන්න පියවර ගෙන ඇත.