රළු පොළොවේ මල් ඇහැරේ...
ආපදා හමුවේ ජීවිත පණ ගැහීම

ස්වභාවික විපත් යනු පාලනය කළ නොහැකි, එහෙත් වළකා ගත හැකි ස්වභාවයකි. එවැනි ස්වභාවික විපත්වලට ලාංකේය පොළොව ද විවිධ අවස්ථාවල පත් වී ඇත. ඒ අවස්ථාවල දී ශ්‍රි දළදා මාලිගය ද ජන සහන සේවය පිණිස පෙරට පැමිණෙයි. ඒ යටතේ නව නිවාස ඉදිකර දීම්, විනාශව ගිය නිවාස යළි සකසා දීම්, වියළි ආහාර හා ඇඳුම් පැලඳුම් ලබා දීම්, වෛද්‍ය සේවා පැවැත්වීම්, පීඩාවට පත් දරුවන්ගේ ශාරීරික සහ මානසික ගැටලූ ප්‍රකෘතිමත් කිරීම් සිදු කිරීමට පියවර ගෙන ඇත. තව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සමඟ ඒකාබද්ධව පාසල් දරුවන්ට පොතපත සහ උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම් ද සිදු කරන ලදි.
වර්ෂ 2004 සුනාමි ව්‍යසනයෙන් නිවාස අහිමි ව අසරණ වූ ජනතාවට නව නිවාස ලබා දීමට පොරොන්දු වී යල් පැන ගිය සත්කාරය නව දියවඩන නිලමේගේ පත් වීම සමඟ හම්බන්තොට දිස්ත‍්‍රික්කය කේන්ද්‍රව පටන් ගෙන යුහුසුළුව ජනතාවට ලබා දීමට කටයුතු කළේය.
ලොව ගිල ගත් කෝවිඩ් වසංගතයෙන් ජීවිත ගලවාලන්න බිහි කළ රජයේ කෝවිඩ් අරමුදලට රුපියල් මිලියන 10 ක මූල්‍ය පරිත්‍යාගයක් ශ්‍රි දළදා මාලිගාව සිදු කළේය. එමෙන් ම කෝවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සහ කෝවිඩ් ආසාදිත භික්ෂූන් වහන්සේලාට ප්‍රතිකාර ලබා දීම සඳහා භික්ෂූ ගිලන් මධ්‍යස්ථානයක් ශ්‍රි දළදා මාලිගාවේ පූර්ණ දායකත්වය මත කෝවිඩ් කාලසීමාව තුළ පිහිටුවා තිබුණි.
කෝවිඩ් සමයේ දී රෝහල්වලට පැමිණෙන සායන රෝගීන් වෙත ඖෂධ ලබා දීමට යෑමේ දී ඖෂධ ගණනය හා ඖෂධ ඇසුරුම් කිරීම සෞඛ්‍යාරක්ෂිතව සිදු කිරීම රෝහල් කාර්ය මණ්ඩලයට ගැටලූ රාශියක් ගෙනාවේය. එයට පිළියමක් ලෙස මහනුවර ජාතික රෝහලට සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඖෂධ ගණනය කිරීමේ හා ඇසුරුම් කිරීමේ උපකරණ කට්ටල ද රෝහල්වල විෂබීජ හරණයට අත්‍යවශ්‍ය ස්වංක්‍රීය විෂබීජහරණ කුටි ද මහනුවර ජාතික රෝහලට, පේරාදෙණිය ශික්ෂණ රෝහලට සහ මහනුවර ග්‍රාමීය රෝහල් පද්ධතියට පරිත්‍යාග කිරීමට ශ්‍රි දළදා මාලිගාවට හැකි විය.
වර්ෂ 2016 මාවනැල්ල සාමසර කන්ද නාය යෑමෙන් විශාල පිරිසකගේ නිවාස ඇතුළු සියලූ සම්පත් නැති විය. මේ ඛේදනීය දුර්භාග්‍යයේ දී පීඩාවට පත් ජනතාවට ක්ෂණික ආධාර සහ යටිතල අවශ්‍යතා සපුරාලීම ශ්‍රි දළදා මාලිගාව ක්‍රියාත්මක විය. එමෙන්ම වර්ෂ 2007 වලපනේ නාය යෑමේ දී සහ වර්ෂ 2017 රත්නපුර මහ ගංවතුරේ දී ජනතාවට යළි නැගී සිටින්න පිහිට ලබා දෙමින් දරුවන්ට යළි පාඩම්වල යෙදෙන්න පොත පත ලබා දෙමින් නිලංග දෑල නිලමේ පෙරටු කොට දළදා මාලිගාව ලබා දෙන සරණ සේවා නිහඬ පිළිවෙතකට සිදු වනුයේ යහපත් සිතැතිවල දකුණත දුන් දෙය වමතට හෝ නොදැනෙන ගරුත්වයෙනි.