ගිනි නිවන පැන් කඳුළු...

කන්ද උඩරට ප්‍රථම බොදු සමුළුව

ශ්‍රී දළදා මාලිගාවේ සවිබලය සහිතව කන්ද උඩරට ප්‍රථම බොදු සමුළුව පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙහි 2006 අගෝස්තු 12 සහ අගෝස්තු 13 දෙදින තුළ පැවැත්විය.

ත්‍රෛනිකායික මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම බොදු සමුළුව සඳහා රටවල් 22ක් නියෝජනයව ආරාධිත 400කට අධික සිවුවනක් පිරිස සහභාගී වී සිටියේය.

මෙම සමුළුව ‘බෞද්ධ පිළිවෙත තුළින් වඩාත් යහපත් ලොවක් නිර්මාණය කර ගැනීම’ (THE BUDDHIST WAY FOR A BETTER WORLD) යන තේමා ශීර්ෂය යටතෙහි පැවතුණි. ආරාධිතයන්ට පරිබාහිරව ලෝක ආගමික නායකයෝ සහ දේශීය සහ විදේශීය බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණිකයෝ රැසක් ද මේ සම්මන්ත‍්‍රණයට සිය බුද්ධිමය සහයෝගය ලබා දුන්හ.

මෙම ජාත්‍යන්තර බොදු සමුළුව යෝජනා කළ බෞද්ධ දර්ශනයේ චිරස්තිථියට පාදක වන යෝජනා රාශියක් ම නිලංග දෑල දියවඩන නිලමේ මල්ඵල ගන්වා ගැනීමට සමතෙකු විය. එය ශ්‍රි දළදා මාලිගාවේ ශ්‍රි විභූතිය අධ්‍යාත්මිකව සහ භෞතිකව ජනතාකර්ෂණයට ගෙනෙන්න පාදක විය.

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll to Top