ගිම්හානේ එන ඇල් පවන්...
දුෂ්කර වෙහෙර විහාර හා දහම් පාසල් සංවර්ධන සංග්‍රහ


රට තුළ චිරාත් කාලයක් බෞද්ධාගම පවතින්න ගම්නියම් ගම් තුළ පිහිටි විහාර හා දහම් පාසල් ශක්තිමත් කරලීමේ දුරදර්ශී ව්‍යාපෘතියක් නව දියවඩන නිලමේ බලයට පැමිණි විගස ම ප්රමුඛ කටයුත්තක්ව ක්‍රියාවට නැංවීය. මෙහි පළමු අදියර වර්ෂ 2005 – වර්ෂ 2009 පැවිදි හා ගිහි පාර්ශ්ව දළදා මාලිගයට පැමිණ පෞද්ගලිකම සිදු කළ ආයාචන පිළිබඳ ව සලකා බලා ඇප උපකාර ලැබ දුනි. එහෙත් එහි විනිවිද භාවය පිළිබඳ නිලංග දෑල නිලමේට ගැටලූ පැවතුණ බැවින් එම පිළිවෙතින් බැහැර වීමට තීරණය විය. අනතුරුව වර්ෂ 2010 – වර්ෂ 2015 තුළ ‘විහාර හා දහම් පාසල් සංවර්ධන ක්‍රමෝපාය’ යළි විධිමත් කර දෙවන අදියර ලෙස දිවයින සිසාරා පවතින විහාර සහ දහම් පාසල් පිළිබඳ දත්ත සහ තොරතුරු දළදා මාලිගාව ලබා ගෙන සංවර්ධනය කළ යුතු පරිශ්‍ර හඳුනා ගැනීය. එයින් පසුව එකී විහාර ගොඩනැගීම පිණිස සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සිදු කළේය.
මෙහි සඵලත්වය පිළිබඳ ව නිරන්තර පසු විපරම් ද අවශ්‍ය විද්‍යාත්මක හා තාක්ෂණික උපදෙස් ද දළදා මාලිගා පරිපාලනය සක්‍රීය ව සිදු කරනු ලැබීය. එලෙස විහාර හා දහම් පාසල් සංවර්ධනයෙහිලා සිදු කළ යෝජනා ක්‍රම යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිති ගම ශාසනාරක්ෂක බලමණ්ඩලය, මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ශාසනාරක්ෂක බලමණ්ඩලය, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ශාසනාරක්ෂක බලමණ්ඩලය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ශාසනාරක්ෂක බලමණ්ඩලය, අම්පාර දිස්ත්‍රික්කයේ උහන, පදියතලාව, මහඔය ශාසනාරක්ෂක බලමණ්ඩල, වවුනියාව දිස්ත්‍රික්කයේ දකුණ ශාසනාරක්ෂක බලමණ්ඩලය යන බල ප්‍රදේශවල පිහිටි සියලූ විහාර නිරීක්ෂණයට ලක්කර දත්ත හා තොරතුරු රැස් කර ව්‍යාපෘති වාර්තා සම්පාදනය කිරීමෙන් අනතුරුව එම විහාර හා දහම් පාසල් සංවර්ධනය කිරීම උදෙසා නිසියාකාර ක්‍රමවේද ඔස්සේ ආර්ථික හා භෞතික සම්පත් බෙදා හැරීම් සිදු කර ඇත.
උක්ත සංවර්ධන යෝජනා ක්‍රමවලට පරිබාහිරව දිවයිනේ විවිධ ප්‍රදේශවල විහාර හා දහම් පාසල් යොමු කළ ලිපි සම්බන්ධව ද දියවඩන නිලමේගේ අවධානය යොමු කර, එකී ලිපි යොමු කළ විහාර සහ දහම් පාසල් පිළිබඳ සොයා බලා එකී විහාරවල හා දහම් පාසල්වල අඩුපාඩු සපුරාලීම උදෙසා ද අවශ්‍ය ආර්ථික අනුග්‍රහ ද, ගොඩනැගිලි ද්‍රව්‍ය, සෙවිලි තහඩු, දහම් පාසල් පුටු මේස, පොත් අල්මාරි යනාදී භෞතික සම්පත් ද ප්රදානය කරනු ලබයි.
වර්ෂ 2016 පසුව එළඹුණු කාලයේ දී විහාර හා දහම් පාසල් සංවර්ධනය කළ යුතු දිස්ත්‍රික් බලප්‍රදේශ හඳුනා ගෙන ඒ අනුව ප්‍රථමයෙන් ම සමස්ත ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විහාර හා දහම් පාසල් සංරක්ෂණ ව්‍යාපෘතිවලට මාලිගා ප්‍රතිපාදන ලබා දීම පටන් ගැනීය. භෞතික සංවර්ධන පමණට ම අධ්‍යාත්මික සංවර්ධනය ද අපේක්ෂිත අවසන් පරමාර්ථය සාක්ෂාත් වීමට බලපාති. ඒ නිසා දළදා මාලිගාව දහම් පාසල් ‘ඉගෙනුම් සහ ඉගැන්වීම්’ ක්‍රියාවලිය තව දුරටත් ගුණාත්මක කිරීමේ පරමාර්ථයෙන් සහ දහම් ගුරු පුහුණු සැසි පැවැත්වීම පටන් ගැනීය. එකී දහම් ගුරු පුහුණු සැසිවල ප්‍රගතිය අවබෝධයට ගන්නා මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වර්ෂ 2015 සිට ශ්‍රි දළදා මාලිගාවේ මෙම සත්කාර්යයට සහාය ලැබ දෙන්න පෙළ ගැසිණි. මෙම ගුරු පුහුණු සැසිවලට සමගාමී ව දහම් පාසල් ශිෂ්‍ය නායක පුහුණු සැසි ද සංවිධානය කෙරෙති.
මෙලෙස දහම් පාසල්වල ප්‍රගතියට පිළියම් යොදන නිලංග දෑල නිලමේගේ මැදිහත් භාවයෙන් මහනුවර ශ්‍රි චන්දානන්ද බෞද්ධ විද්‍යාලයෙහි ‘සිරි දළදා දහම් පාසල’ සිංහල මාධ්‍යයෙන් ද, පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයෙහි ‘සිරි දළදා දහම් පාසල’ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද සාර්ථක ලෙස පවත්වා ගෙන යයි.