නොදැන නොයන නොමඟ නොයෑම්...

ජනතා පහසුකම් සත්කාර
පෙර
පසු

සෙංකඩගල මහා නගරය ‘මහනුවර’ ජාත්‍යන්තර යුනෙස්කෝ සංවිධානය විසින් වර්ෂ 1988 දී ලෝක උරුම නගරයක් ලෙසින් හඳුන්වාලීය. එය ඓතිහාසික මහනුවර නගරයට ලෝක ගෞරවය පැලඳවීමයි.

දෛනිකව දළදා මාලිගාවට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට සහ සංචාරකයන්ට පහසුකම් සැලැසීම වර්ෂ 2005 දී පත් වන නව මාලිගා පරිපාලනය ක්ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ අදියරයෙන් අදියරයට විධිමත් කිරීමට කටයුතු කරනු ලැබීය. ඒ නිලංග දෑල නිලමේගේ උපදේශකත්වය හා අධීක්ෂණය යටතේය.

විදේශීය සංචාරකයන්ගේ සනීපාරක්ෂක පහසුකම් විධිමත් ව පවත්වා ගැනීම සඳහා වර්ෂ 2007 දී නියාමන ව්‍යාපෘතියක් ලෙස දෛනිකව විදේශීය සංචාරකයින් 1000 කට පහසුකම් සහිත පවිත්‍ර කැසිකිළි වැසිකළි පද්ධතියක් සහ වර්ෂ 2024 දී නවීන පහසුකම් සපිරිව උසස් ලෙස නිර්මාණය කළ සනීපාරක්ෂ කැසිකිළි වැසිකිළි පද්ධතියක් මාලිගා පරිශ්‍රයෙහි ස්ථාපිත කළේය. එමගින් දෛනිකව පැමිණෙන උපරිම විදේශ සංචාරකයන් 3000ක ගේ පහසුකම් පිරිමැසීමට හැකියාව ලැබෙයි.

දේශීය බැතිමතුන්ට පහසුකම් සලසන කැසිකිළි වැසිකිළි පද්ධතිවල පැවති පහසුකම් ද උසස් ප්‍රමිතියකට ගෙනාවේය. විශේෂයෙන් දේශීය වන්දනාකරුවන් සඳහා අතිශය පිරිසිදු අංගසම්පූර්ණ කැසිකිළි වැසිකිළි පද්ධති ත්‍රිත්වයක් ස්ථාපිත කර ඇත. මින් එක් පද්ධතියක් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ද පහසුකම් ලැබෙන පරිදි මහජන චීන සමූහාණ්ඩු පරිත්‍යාගයක් ලෙස ලබා දී ඇත. මෙම සමස්ත පද්ධති සංකීර්ණය තුළින් දෛනිකව දේශීය බැතිමතුන් 20,000ක ගේ සනීපාරක්ෂක පහසුකම් සැපයීමේ හැකියාව පවතී. එය මෙරට බොහෝ සිද්ධස්ථානවල නොපවතින සහ නොදකින පහසුකම් සම්පාදනයකි.

මාලිගා පරිශ්‍රයේ අප ජල බැහැර කරලීමේ ගැටලූවට විකල්පයක් ලෙස අප ජල පිරිපහදු ඒකකයක් සිංගප්පූරුවේ නංයංක් ටෙක්නොලොජිකල් විශ්ව විද්‍යාලයේ මූල්‍ය සම්පත් දායකත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය එක්ව ක්‍රියාවට නංවා ස්ථාපිත කර ඇත.

මාලිගා ප්‍රධාන පිවිසුමේ සිට මහ මළුව ආශ්‍රිත ප්‍රදේශය පා ගමන් යන්නන්ගේ පහසුව පතා ගල් අතුරා පිළිසකර කර වර්ෂ 2010 දී ජනසතු කළේය. වර්ෂ 2014 දී දළදා මාලිගා පරිශ්‍රයේ ඉතුරුව පැවති පා ගමන් අතුරු පිවිසුම් මංමාවත් ද කළුගල් අතුරා පිළිසකර කර ජනතා අයිතියට පත් කළේය.

ශ්‍රි දළදා මාලිගා පරිශ්‍රයේ අභ්‍යන්තර ප්‍රවාහන ප්‍රවේශ මාර්ග පද්ධති සියල්ලම වර්ෂ 2010 සහ වර්ෂ 2024 කාලසීමා යුග දෙකෙහිම කාපට් තාර අසුරා සංවර්ධනය කළේය.

ගෝලීය තොරතුරු තාක්ෂණයේ යාවත්කාලීන වෙමින් එම නවතා හඳුනා ගෙන විදෙස් සංචාරකයින්ට තොරතුරු තාක්ෂණ පහසුකම් ලබා දීමට ශ්‍රි දළදා මාලිගාව කටයුතු යෙදීය. ඒ අනුව පළමු අදියරයේ දී MP3 මාර්ගෝපදේශන තාක්ෂණ පහසුකම් ප්‍රථම වරට භාෂා 8කින් යුක්තව සංචාරක පහසුවට පිළිගැන්විණි.

දෙවැනි අදියරය යටතේ සමාජ මාධ්‍ය ජාලා,QR කේත හා තාක්ෂණික මාර්ගෝපදේශන පුවරු විදෙස් සංචාරකයන්ගේ ගමන් පහසුව සැලසීමට පිහිටුවිය.

තෙවන අදියරය යටතේ මාලිගා පරිශ්‍රය තුළ ක්‍රියාත්මක Free Wifi පහසුකම ඔස්සේ ශ්‍රි දළදා මාලිගා ඇප් (App) එක භාවිතව විදෙස් සංචාරකයින්ට සංචාරයෙහි යෙදෙන පහසුකම සංග්‍රහ කළේය.

දකුණු ආසියාවේ ‘ආගමික සිද්ධස්ථානයක්’ ප්‍රධාන කොට ප‍්‍රථම වරට හඳුන්වා දෙන e ප්‍රවේශ පත්‍ර නිකුතුව විදෙස් සංචාරකයන්ට දළදා මාලිගාවට පිවිසීමේ අවසර පත්‍ර ලබා ගැනීම පහසු කළේය. එම පිවිසුම් පත්‍රය සමඟ ලබා දෙන ‘සමරු තිළිණ පත’ දේශීය සංචාරක කර්මාන්තය විදේශිකයන් තුළ ප්‍රවර්ධනය කරන සාර්ථක උපායික උපක්‍රමයක් වී ඇත. ශ්‍රි දළදා මාලිගාවේ නිල වෙබ් අඩවිය, Youtube, Facebook, සමාජ මාධ්‍ය ජාලා බලගැන්වීම විදෙස් සංචාරකයින්ට ශ්‍රි දළදා මාලිගාව සහ ඓතිහාසික මහනුවර කේන්ද්‍රීය වටිනාකම සමීප කරවන්න උපකාර විය.

මෙයට පරිබාහිරව බැතිමතුන්ට සහ සංචාරකයන්ට පිරිසිදු පානීය ජලය, ප්‍රථමාධාර පහසුකම් සහ හරිත සංකල්ප තුළ දෘශ්‍ය විකෘතියකින් විරහිතව පරිසරය රස විඳිය හැකි පසුබිමක් ද මාලිගා පරිශ්‍රය තුළ වත්මන් පාලනය ගොඩනගා ඇත.

තවද, ශ්‍රි දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම් පරිශ්‍රය, අනගාරික ධර්මපාල මාවත භූ දර්ශනය කිරීම, උඩවත්ත රක්‍ෂිතයේ සිට පස් සහිතව වැසි ජලය හා වැලි පස් මහනුවර
වැවට හා මැද ඇළට ගලා යෑම වැළැක්වීම, අනගාරික ධර්මපාල පිළිරුව, හේමමාලා දන්ත කුමරු පිළිරුව අසල විධිමත් සංවර්ධන කටයුතු හා රජ කාලයෙන් පසුව මහමළුව හා දිය අගල ප්‍රතිසංවිධානය කිරීම ආදිය ක්‍රමවත්ව හා විධිමත්ව ඉටු කිරීමට සමත් විය.

සමකාලීන ප්‍රවණතා හඳුනා ගෙන නිලංග දෑල නිලමේ මාලිගා පරිපාලනය තුළ සිදු කරන හඳුන්වා දීම් නව්‍ය පෙරළි ලෙස සඳහන් කළ යුතුය.

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll to Top