
උතුම් වාම ශ්‍රී දළදා වහන්සේ වැඩසිටිනා මහ රන් කරඬුව
ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං
වේනෙය්‍ය කෝමුද වනං වලිසීතරංසි
අද්ධින්දුකාර වරරූප විරාජමානං
වන්දාමි සාධුමමලං ජිනදන්තධාතුං

අතිගෞරවාර්‍හ,
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ
සුමංගලාභිධාන මහා විහාර වංශික
ස්‍යාමොපාලි මහා නිකායේ
මල්වතු මහා විහාර පාර්ශ්වයේ
මහානායක මාහිමිපාණන් වහන්සේ
2004 සිට
ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු – අස්ගිරි අතිගෞරවාහ මහා නායක මාහිමිපාණන් වහන්සේලා, අතිපූජ්‍ය අනුනායක මාහිමිපාණන් වහන්සේලා, ගරුතර කාරක සංඝ සභික නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සහ විහාර ද්විත්වයෙහි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛව බස්නායක නිලමේතුමන්ලා, ප්‍රාදේශීය ලේකම්තුමන්ලා, සිද්ධස්ථාන වල භාරකාරතුමන්ලා, ඇතුළු මෙත් සිතැතිව ලැබ දුන් ආශීර්වාද පෙරදැරිව සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මහා භාරකාර දෙපාර්තමේන්තුව සහ සංචාරක අමාත්‍යාංශය යන රේඛීය රාජ්‍ය ආයතනයන්හි නිසි අධීක්ෂණය, නිරීක්ෂණය හා විධිමත්

අපවත් වී වදාළ අතිගෞරවාර්‍හ
උඩුගම සද්ධර්මකීර්ති ශ්‍රී ධම්මදස්සී
රතනපාල බුද්ධරක්‍ඛිතාභිධාන
මහා විහාර වංශික ස්‍යාමොපාලි
මහා නිකායේ
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ
මහානායක මාහිමිපාණන් වහන්සේ
(1999 - 2015)

අපවත් වී වදාළ අතිගෞරවාර්‍හ
ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද
අත්ථදස්සාභිධාන
මහා විහාර වංශික ස්‍යාමොපාලි
මහා නිකායේ
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ
මහානායක මාහිමිපාණන් වහන්සේ
(2015 - 2016)

අතිගෞරවාර්‍හ,
වරකාගොඩ ධම්මසිද්ධි
ශ්‍රී පඤ්ඤානන්‍ද ඤාණරතනාභිධාන
මහා විහාර වංශික ස්‍යාමොපාලි
මහා නිකායේ
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ
මහානායක මාහිමිපාණන් වහන්සේ
2016 සිට
අවසර ලබා ගෙන වර්ෂ 2005 ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ ලෙස පත් වන නිලංග දෑල දියවඩන නිලමේගේ ඍජු මෙහෙයවීම් යටතේ පොදු ජන පහන් සංවේගය උදෙසා පිරිනමන ලද ව්‍යාපෘති, මෙහෙවර, ඉසවු පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් පෙළගස්වා ඇත.
එමෙන් ම 1931 අංක 19 දරන විහාර දේවාල ගම් ආඥා පනතට අයත් සිද්ධස්ථානයක් ලෙස ශ්‍රී දළදා මාලිගාවේ නිශ්චල හා චංචල දේපළ පාරදෘශ්‍ය ලෙස පාලනය කිරීමට ද කටයුතු කර ඇත.